Font size
  • A-
  • A
  • A+
Site color
  • R
  • A
  • A
  • A
Skip to main content
DCS
  • Home
  • More
You are currently using guest access
Log in
Home

ඔබේ මනස පුබුදුවාළීම තුලින් රට පුබුදුවාළීම“- සේවක අභිප්‍රේරණ වැඩසටහන 2021

    වර්තමානයේ සිදුව ඇති සමාජ,ආර්ථික පරිවර්තන හේතුවෙන් තොරතුරු ලබා දෙන්නන්ගේ ආකල්පවල සිදුව ඇති වෙනස්කම් හමුවේ මෙම නිලධාරින්ගේ රාජකාරි ඉටු කිරීම තරමක් අභියෝගාත්මක කාර්යයක් ව තිබේ. වසංගත තත්ත්වය හමුවේ නිලධාරීන්ගේ වැඩ කිරීමේ මානසිකත්වය යම් දුරකට අඩාලව තිබිය හැකිවීමත් දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන දැවැන්තම කාර්යන් වන ජන හා නිවාස සංගණනය, ආර්ථික සංගණනය හා කෘෂිකර්ම සංගණනයන් ඉදිරි වසර කීපය තුලදී සිදුකිරීමට සැලසුම් කර තිබීමත් හේතුවෙන් නිලධාරීන්ගේ ආකල්ප හා වැඩකිරීමේ මානසිකත්වය ඉහලනංවා ගැනීම දෙපාර්තමේන්තුව ලෙස ඉතා වැදගත් වේ.

    උක්ත කරුණු ද දිස්ත්‍රික් සංඛ්‍යාලේඛන අංශ ප්‍රධානීන්ගෙන් ලැබී ඇති ඉල්ලීම් ද  සැලකිල්ලට ගැනීමෙන් පසු, දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් ප්‍රමුඛ  අනෙකුත් නිලධාරීන් හට මෙම අභියෝග වලට සාර්ථකව මුහුණ දෙමින් සිය රාජකාරී කටයුතු කාර්යක්ෂමව හා තෘප්තිමත්ව ඉටුකිරීමටත් රාජකාරි ඉටුකිරීමේදී මතුවන ගැටළු සාර්ථකව නිරාකරණය කර ගැනීමටත් දිරිගන්වනු පිණිස සේවක අභිප්‍රේරණ වැඩසටහනක් පැවැත්වීම කාලෝචිත බව අපගේ හැඟීමයි.

    ඒ අනුව මානසික උපදේශන ක්ෂේත්‍රයේ ඉහලම ප්‍රවීනයෙකු වන මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතාගේ සම්පත්දායකත්වය සහිතව   2021 දෙසැම්බර් මස 29 දින ප.ව 1.30 සිට ප.ව 3.30 දක්වා Zoom තාක්ෂණය ඔස්සේ මාර්ගගතව පැවැත්වූ  වැඩසටහන මෙහි  අන්තර්ගත  කර ඇත.

    Topic outline

    • General

      Collapse all Expand all
      • forum icon
        Forum
        2021 දෙසැම්බර් මස 29 දින මහාචාර්ය දයා රෝහණ අතුකෝරළ මහතා Zoom තාක්ෂනය ඔස්සේ පැවැත් වූ සම්පූර්ණ වැඩසටහන මෙහි අන්තර්ගත කර ඇත. Forum
    • සම්පූර්ණ වැඩසටහන -(Video format)

      • url icon
        URL
        වැඩසටහන මෙතැනින් නරබන්න URL
    • සම්පූර්ණ වැඩසටහන -(Audio format)

      • url icon
        URL
        වැඩසටහනට මෙතැනින් සවන්දෙන්න. URL

    Contact us

    You are currently using guest access (Log in)

    CONTACT US

    Training Division, Department of Census and Statistics,
    NO:306/71, Polduwa Road,
    Battaramulla, Sri Lanka.
    Phone : +94 112147494
    E-mail : training@statistics.gov.lk

    Copyright @ Department of Census and Statistics