දෙපාර්තමේන්තුවේ ප්රධානම කාර්ය වන ජන හා නිවාස සංගනනය පැවැත්වෙන කාලය තුළ දෙපාර්තමේන්තු නිලධාරීන් වැඩි වශයෙන් බාහිර සමාජය හා බාහිර ආයතන නිලධාරීන් සමග කටයුතු සිදුකරන බැවින් අපගේ නිලධාරීන් හට දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන දර්ශකාංක හා සංඛ්යාතීන් පිළිබදව හා ඒවායේ නව ප්රවණතාවයන් පිළිබඳව මනා අවබෝධයක් ලබාදීමේ අරමුණ ඇතිව පුහුණු අංශය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.